ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු දිප ව්‍යාප්ත සංවර්ධන වැඩ සටහනේ අටවැනි වැඩ සටහන අද (23) බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහළොවක් ආවරණය කරමින් ආරම්භ වන අතර මෙම වැඩ සටහන් අද සිට 28 වන දින දක්වා දින හයක් පුරා බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම රට වෙනුවෙන් එකට සිටිමු අටවැනි ජාතික සංවර්ධන වැඩ සටහන බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල,බදුල්ල, හාලිඇල, මහියංගණය ඌව පරණගම, හපුතලේ, මිගහකිවුල, වැලිමඩ, හල්දුමුල්ල, ඇල්ල, පස්සර, ලුණුගල, සොරණාතොට, කන්දකැටිය, රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහළොව තුළ ජිවත් වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසදුම් ලබා දෙමින් ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩ සටහන තුලින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුල ‘ජනපතිට කියන්න‘ ජංගම සේවා වැඩ සටහන් සමග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන අතර ඒ අතර ග්‍රාම ශක්ති හා ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන්, වකු ගඩු නිවාරණ වැඩ සටහන්, දරුවන් සුරකිමු වැඩ සටහන්, ස්වයං රැකියා වැඩ සටහන්, ජාතික අහාර සුරක්ෂිතා වැඩ සටහන්, සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ වැඩ සටහන්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්විමේ වැඩ සටහන් ඇතුළු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව දිස්ත්‍රිකකයේ ජනතාව කෙරෙහි සෟජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තිය හා සෞඛ්‍ය ගැටලු විසඳී හා එම කේෂ්ත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් විශේෂ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට මෙම රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සහභාගිවන විෂය භාර රේඛීය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ඌව පළාත් සභාව කටයුතු යොදා ඇත.
බදුල්ල දිස්ත්‍රිකයේ ජනතාවට සහන සලසමින් දින හයක් පුරා ක්‍රියාත්මක කරන මෙම රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ සමස්ත වැඩ සටහන ප්‍රගති සමාලෝචනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 28 වන දින පැවත්වීමට නියමිතය.
(Dinamina)