Tuesday, November 19, 2024
Follow Us
තෙල් ගොඩබෑම අද ඇරඹෙයි

ළගදීම තවත් බොරතෙල් නෞකාවක් එයි


ආනයනය කළ බොරතෙල් නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද(18) දිනයේ සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පසුගිය (13) වැනිදා රාත්‍රී බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් අදාළ නෞකාව දිවයිනට ළඟා වුණි.

එහි රසායනාගාර පරීක්ෂාවෙන් අනතුරුව බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ මේ වන විට තාවකාලිකව නතර කර ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද මෙම සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය

මීට අමතරව තවත් බොරතෙල් නෞකාවක් එළඹෙන 23 සහ 29 යන දින අතර කාලයේ දී දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

එම නෞකාවේ බොරතෙල් මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ඇති බවට වාර්තා වෙයි.

මෙම බොරතෙල් නෞකා දෙකම රුසියානු සමාගමකින් මිලදී ගෙන තිබේ.

Aruna