මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ, මේවනවිට වෙළඳපලේ වී කිලෝවක මිල රුපියල් 90 කටත් වඩා අඩුවීම සැලකිල්ලට ගනිමින්.
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,000 ක්. පළමු අදියරේදී වී මෙට්ට්‍රික් ටොන් 30,000 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි.
කෙසේවෙතත් ඇතැම් ගොවීන් වී සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් වී තොග අලෙවි නොකරන තත්ත්වයක් ඇති බව ද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවා.
මේ අතර ගොවීන් පවසන්නේ අස්වනු නෙලන සමය පැමිණිය ද අස්වනු නෙලීම සඳහා ඉන්ධන ලබාගැනීම අර්බුදයක පවතින බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගොවීන්ට අස්වනු නෙලීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිලධාරීයෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ගොවීන් වෙත ඉන්ධන සැපයීම අඛණ්ඩව හා විධිමත්ව සිදුකිරීම සඳහා එම නිලධාරියා අද සිට ලංකා ඛණිජතෙල් සංස්ථාවට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා අවම වශයෙන් ඉන්ධන ලීටර් මිලියන 20 ක් පමණ අවශ්‍ය වනු ඇති බවට ගණන් බලා තිබෙනවා. මෙම ඉන්ධන ප්‍රමාණය ද සැප්තැම්බර් 30 වනවිට සපයා අවසන් කළ යුතුයි. ඒ, මෙවර යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී අස්වනු සැප්තැම්බර් 30 වනවිට නෙළා අවසන් වීමට නියමිත බැවින්.
Neth