Tuesday, November 19, 2024
Follow Us
ඉවත් කල තහනම

අලුතින් නිකුත් කළ ගැසට් නිවේදනය


ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් 2022 ජූලි 7 වැනි දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ඕනෑම මාර්ගයක යතුරුපැදියක් පදවන විට යතුරු පැදිය පදවන පුද්ගලයා හා එහි පසුපස ගමන් කරන පුද්ගලයා විසර් සහිත හෝ රහිත ආරක්ෂිත හිස්වැස්මක් පැළඳීම අනිවාර්ය කර තිබේ.

මෙම ආරක්ෂිත හිස්වැස්මක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද SLS නිෂ්පාදන සහතික කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

හිස්වැස්මේ නිකට පටිය හිස්වැස්මට තදින් සවි කළ යුතු අතර, එය පැළඳ සිටින පුද්ගලයාට නිකට පටියේ දිග සකස් කර ගැනීමටත්, නිකට පටිය ආරක්ෂිතව සහ පහසු ලෙස සවි කිරීමට සහ ගැලවීමටත් හැකි යාන්ත්‍රණයක් හිස්වැස්ම තුළ තිබිය යුතු වෙයි.

කෙසේ වෙතත් මෙම රෙගුලාසි අපරාධ වැළැක්වීමේ නියැලී සිටින පොලිස් නිලධාරියෙකුට හෝ ජාතික ආරක්‍ෂාව සඳහා කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සාමාජිකයෙකුට අදාළ නොවිය නොවෙයි.

Aruna