Tuesday, November 19, 2024
Follow Us
ගෝල්ෆේස් භුමියේ විරෝධතා බෑ

ගාලු මුවදොර පොදු උත්සවවලට අවසර ගන්න ඕන


විරෝධතාකරුවන් මාස හතරකට වැඩි කාලයක් භාවිත කළ ගාලු මුවදොර භුමිය ඉදිරියේ දී නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව පමණක් පොදු උත්සව සඳහා භාවිත කළ හැකි බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන විරෝධතාවන් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ‘විරෝධතා භුමිය’ මින් ඉදිරියට නොපවතිනු ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර අරුණට සඳහන් කරන ලද්දේ එම භුමියේ තවදුරටත් විරෝධතා පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

“මේ ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට. මේ කොටසේ අපි තණකොළ වවලා තිබුණේ. නමුත් දැන් මේ භුමිය නැවත සකස්කළ යුතු වෙනවා. මේක ගාලුමුවදොර පිටියත් සමගම එකට යාවන තණබිමක් විදිහට පවත්වාගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ.”

මෙම භුමිය ඉදිරියේදී කිසිදු පාර්ශ්වයකට බදු දීමට හෝ ආයෝජනයක් වෙනුවෙන් වෙන්කිරීමට සැලසුමක් නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna