Saturday, September 30, 2023
Follow Us
 විදුලි කප්පාදුව දීර්ඝ වෙයි ?

දෛනික විදුලි කප්පාදුව පැය 03ක් වෙයි


දෛනික විදුලි කප්පාදුව පැය 03ක පමණ කාලයක් විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නොරෝච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමි වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවන බවය.

දැනට පැයයි විනාඩි 20ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

‍නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන කටයුතු මේ වනවිට බිඳ වැටී තිබේ.

එය යථාතත්වයට පත්කිරීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩල කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වී තිබේ

Aruna