බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග සදහා ද නියාමනයක් යටතේ ග්ලයිෆොසෙට් වල්නාශකය ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
එමගින් අවසර හිමිව ඇත්තේ තෝරාගත් බෝග සහ ක්ෂේත්‍ර කිහිපයක් සදහා පමණක් ග්ලයිෆොසෙට් ආනයනය කිරීමටයි. ඊට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය මත ආනයනය හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය අවශ්‍ය වනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ අනෙකුත් බෝග සදහා ද ග්ලයිෆොසෙට් ආනයනය කිරීම සදහා විශේෂඥයින් කණ්ඩායමක් මේ වනවිටත් අධ්‍යයනයක නිරත වන බවයි.
ග්ලයිෆොසෙට් ඇතුළු වල්නාශක හා කෘමි නාශක කිහිපයක් මෙරටට ආනයනය කිරීම තහනම් කෙරුණේ ඉකුත් 2014 වසරේදීයි. ඒ, එම වල්නාශකවල මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ අඩංගු බවට පාර්ශව රැසක් පෙන්වාදීමත් සමගයි.
මේ අතර කඩිනම් වැඩපිළිවෙලක් යටතේ වී ගොවීන්ට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් මැදිහත් විය යුතු බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.
NEth