Tuesday, November 19, 2024
Follow Us
ග්ලයිෆොසෙයිට් ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ග්ලයිෆොසෙයිට් වල්නාශකය ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඒ අනුව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය යටතේ ග්ලයිෆොසෙයිට් ආනයනයට අවසර හිමි වනවා.

ග්ලයිෆොසෙයිට් ඇතුඑ වල්නාශක හා කෘමි නාශක කිහිපයක් මෙරටට ආනයනය කිරීම තහනම් කෙරුණේ ඉකුත් 2014 වසරේදීයි. ඒ, එම වල්නාශකවල මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ අඩංගු බවට පාර්ශව රැසක් පෙන්වා දීමත් සමඟයි.

Neth