Tuesday, November 19, 2024
Follow Us
කාලෙකට පස්සේ කරළියට එන ජනාධිපති අරමුදල

අයදුම්පත් සලකා බැලීම යළි ඇරඹේ


2020න් පසු ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් සඳහා මුදල් ගෙවීම නතර කර තිබුනද යලිත් ආධාර මුදල් ගෙවීම ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේ මුල් කාර්තුවේ පමණක් අයදුම්පත් කිහිපයක් වෙනුවෙන් ආධාර මුදල් ගෙවීම සිදුකර ඇති අතර, ඉන් පසු ගෙවීම් කටයුතු නතර කර ඇත.

ඒ අනුව යළි ආධාර මුදල් ගෙවීම් ආරම්භ කරන අතර, හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, අක්මාව බද්ධ කිරීම් ඇතුලු බරපතල රෝග තත්වයන් සඳහා වන සැත්කම්වල දී වැයවන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබාගත හැකි වේ.

Aruna