Monday, March 23, 2026
Follow Us
රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර තිබේ.

රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි.

මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොගය මෙට්‍රික්ටොන් 48,000 කි.

එම තොගය එළඹෙන මහ කන්යේ වී අස්වැන්න වෙළෙඳපොළට සැපයෙන තෙක් වරින් වර නිකුත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අදාළ තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව ජීවන වියදම් කමිටුව සඳහන් කළේ ය.

(Lanka Leads)