පාරිභෝගිකයන් බිල් නොගෙවීමෙන් ජල මණ්ඩලයට විශාල පාඩුවක්
ජල ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇත. සමෘද්ධිලාභීන්, කුලී නිවැසියන්, ආගමික ස්ථාන සහ පාසල් සඳහා ජල ගාස්තු සංශෝධනය නොකරන අතර අනිකුත් සියලුම ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිතය.
සමෘද්ධිලාභීන්, කුලී නිවැසියන්, ආගමික ස්ථාන සහ පාසල් සඳහා නියමිත පරිභෝජන සීමාවක් ලබා දෙන අතර එම සීමාව ඉක්මවූ පසු ගෘහස්ථ ගාස්තු අය කිරීමට නිර්දේශ කර තිබේ.
ජල ගාස්තු වැඩි කිරීමට නොහැකි වීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය වැඩි පාඩුවක් ලබන අතර 2018 වසරේ සිට 2021 දක්වා රුපියල් මිලියන 3136ක් ජල පාරිභෝගිකයන් විසින් ගෙවා නොමැත.
එම මුදල මේ වන විට එකතු කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ගෘහස්ථ හා ගෘහස්ථ නොවන කාණ්ඩ දෙකක් යටතේ ජල ගාස්තු සංශෝධනය සිදුවන අතර අවම කොටස් 04කට ස්ථාවර ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමටද නියමිතය.
දිවයින පුරා ගෘහස්ථ ජල පාරිභෝගිකයින් සියයට 92ක් සිටින අතර ඔවුන් නිෂ්පාදනය කරන ජලයෙන් සියයට 77ක් පරිභෝජනය කරයි.
2016 වසරේ අවසන් වරට ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ වුවද එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක නොවිණි.
2019 වසරේ සිට මේ දක්වා ජල සම්පාදන මණ්ඩලය පාඩු ලැබීම නිසා ණය ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අතිරේක මුදල් ලබා ගැනීමටද සිදුව ඇත.
Aruna