QR කේතය භාවිතා කල යුත්තේ මෙහෙමයි
අවශ්‍යතාවය අනුව තමන්ට හිමි QR කේතය අවලංගු කර යළි නව QR කේතයක් ඉල්ලුම් කිරීමේ හැකියාව මේ වනවිට සපයා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
මේ අතර ඉන්ධන බලපත්‍ර ක්‍රමය හරහා තමන්ට හිමිවන QR කේතය වෙනත් පාර්ශවයකට ප්‍රදර්ශනය නොවන අයුරින් තබාගතයුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
එසේම එය තමන්ට හිමි QR කේතය භාවිත කර වෙනත් පුද්ගලයෙකුට ඉන්ධන ලබාගැනීමට නොහැකිවන ලෙස එය ආරක්ෂිතව තබා ගතයුතු බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙයි.
Aruna