විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්
අද (01) පැය 3 ක විදුලි කප්පාදුවක සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරනු ඇත.
කොළඹ නගර ද අයත් ‘CC’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, M,N,O,X,Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර ලබා දී තිබේ.
Aruna