අගෝස්තු 01 වනදා සිට පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, පළාත් 09 නියෝජනය කරන අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහභාගීවීමට නියමිතයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ සියලු පාසැල් සති කිහිපයක් වසා දැමීමට සිදුවුණා.
ඉන් අනතුරුව 25 වනදා සිට පාසැල් යළි ආරම්භ කෙරුණු අතර පාසැල් පැවැත්වෙන්නේ සතියකට දින 03 ක් පමණයි. එම දින 03 තුලදී දරුවන්ගේ පැමිණීම සැලකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා සිට සතියේ දින 05 ම පාසැල් පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයකට එළඹෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේවනවිට ගෙන ඇති පියවර පිළිබඳ මෙලෙස විස්තර කළා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පැවසුවේ පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර ලබන සඳුදා සිට නිවාඩු නොමැතිව නොවැම්බර් මස අගවන තෙක් පාසල් පවත්වමින් අතපසුවූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළා.
Neth