නව පත්වීම් දෙකක්
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් තවත් පත්කිරීම් දෙකක් සිදුකර තිබේ.
ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙසත් පත්කර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධූරය ද දැරීය.
ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධූරය ද හෙබවීය.
ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, තායිලන්තයේ
ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනිවා සහ නිව්යෝර්ක්හි කටයුතු කර ඇත.
Aruna