මිනිස්සු ඉන්නේ දැඩි පීඩාවේ, වේදනාවේ වගේම ආවේගයෙන්
නිදහස් සහ සාධාරණය මැතිවරණයක් පැවැත්වීමට නම් රට තුළ පවතින අර්බුද අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ අර්බුද අවසන් කර මහජනතාවගේ ගැටලුවලට විසදුමක් ලැබුණු පසු ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකීමට පැමිණි අතර එහිදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි නිමල් පුංචිහේවා මෙම අදහස් පළකළේය.
මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ පවත්වන්න. හැමවිටම මැතිවරණයක් පවත්වන්න අපි සූදානම්. නමුත් අපි මොකක්ද පවත්වන මැතිවරණය ? නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න නම් මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ නිදහසේද ? මිනිස්සු ඉන්නේ දැඩි පීඩාවේ, වේදනාවේ වගේම ආවේගයෙන් ක්‍රියාකරන වේලාව. මිනිස්සු දැන් වැඩිපුර ඉන්නේ තෙල් පෝලිම් , ගෑස් පෝලිම් ළග. එතකොට අපි ඡන්ද පොළවල් තියන්න ඔ්නේ ඉන්ධන පෝලිම් ළගට ගිහිල්ලද ?
අපි දිගින් දිගටම ඉල්ලන්නේ එකතුවෙලා මේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ලිහිල් කරන්න. ඉතිං ඒකට අපි මාස 6ක් යයිද කීයක් යයිද ? කියලා කියන්න අපි දන්නේ නෑ. මේක ලිහිල් කරලා අපිට අවස්ථාව දෙන්න.
මහ මැතිවරණයක් තියන්න නම් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරන්න ඔ්නේ. බහුතරයෙන් සම්මත කරලා ඒ යෝජනාව ජනාධිපතිවරයා පිළිගන්න ඔ්නේ. එතකොට තමයි අපිට නීත්‍යානුකූල බලය එන්නේ මහමැතිවරණයක් තියන්න.
එතකොට ඒකට මුදල් හොයලා දෙන එකත් පාර්ලිමේන්තුව කරයි කියලා අපි විශ්වාස කරනවා.
Aruna