Tuesday, November 19, 2024
Follow Us
සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ තිබෙනවා - ජනපති කියයි

සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය තමන්ද පිළිගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට 27 පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.

තමන් ජනාධිපතිධූරය භාරගත්තේ රට අසීරු තත්ත්වයක පවතින අවස්ථාවක බවත්, ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙනයාමට මේවනවිට පියවර රැසක් ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

Neth