Tuesday, November 19, 2024
Follow Us
ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළට - සහල්, පරිප්පු හා වියළි මිරිසුත් ඒ අතරට

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව මේ වනවිට ලැබෙන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. විවෘත ගිණුම් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට එම වෙළදුන් ජූලි පළමු වනදා සිට අවස්ථාව සලසාදීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ හේතුවෙන් එම භාණ්ඩවල මිල ගණන්වලද යම් අඩුවීමක්ද දක්නට ලැබෙන බව නෙත් නිවුස් කළ විමසීමකදී වෙළද අමාත්‍යවරයා සදහන් කළා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයද තහවුරු කළේ සීනි හැර ඇතැම් ආනයනික භාණ්ඩවල තොග මිල ගණන් මේ වනවිට අඩු වී ඇති බවයි. ඒ අනුව ආනයනික සහල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ අඩු වී තිබෙනවා. ඉකුත් දිනවල රුපියල් 580කට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් සියයත් 120 ත් අතර මිලකින් අඩුවී ඇති බවයි එම සංගමය සදහන් කළේ. ඒ අනුව පරිප්පු කිලෝවක නව තොග මිල රුපියල් 460 ත් 470 ත් අතර පවතිනවා.

රුපියල් 180 කට පැවති බී ළුෑනු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 160ක පවතින බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළා. වියළි මිරිස් කිලෝවක මිල අඩුවී ඇත්තේ රුපියල් 300 කින්. කෙසේවෙතත් ආනයනික අල කිලෝවක මිල තවදුරටත් පවතින්නේ රුපියල් 160 ක මුදලකට බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක එලෙස මිල ගණන් අඩු වුවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩුවක් තවදුරටත් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළා. ඊට හේතුවී ඇත්තේ පවතින ඩීසල් හිගයයි.

මේ අතර එළඹෙන යල කන්නයේදී වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.


Neth