අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
පාසල් සිසුන් ප්‍රවාහනය කරන තිස්අට දහසක් පමණ වන වෑන් සහ බස්රථ සඳහා වෙනම කේත අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉදිරි සති දෙක ඇතුළත මෙම ක්‍රමය හඳුන්වා දෙන බවත් එතෙක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් එම වාහනවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කෙරෙන බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ‘අරුණ‘ට ඊයේ (25 වැනිදා) පැවසීය.
මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා නොදුණහොත් ඉන්ධන ලබා ගැනීමේ දී එම වාහන හිමියන් අපහසුතාවට පත්වන බව ද ඔවුන්ට සතියකට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය ගණන් බලා එම ප්‍රමාණය ඉන්ධන හල්වලින් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා කීවේය. සිසුන් ප්‍රවාහනය කෙරෙන අවසන් පාසලේ විදුහල්පතිවරයාගෙන් වාහන හිමියන් ලිපියක් ලබා ගත යුතු බවත් ඒ අනුව දිනකට ගමන් කරන දුර පිළිබඳ අදහසක් ලබා ගත හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
සිසුන් අටලක්ෂයක පමණ ප්‍රමාණයක් මෙම වාහනවලින් ප්‍රවාහනය කෙරෙන බවට දළ වශයෙන් ගණන් බලා තිබේ. සිසුන්ගෙන් සියයට දහයක පමණ පිරිසක් සිය පෞද්ගලික වාහනවලින් පාසල් කරා පැමිණෙන බවත් සෙසු සියලුම සිසුන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන බවත් අමාත්‍යාංශය පවසයි.
Aruna