Wednesday, November 20, 2024
Follow Us
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

1949 වසරේ මාර්තු මස 02 වනදා උපත ලැබූ දිනේෂ් ගුණවර්ධන මහතා බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ සිය පියාවන පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු දිනේෂ් ගුණවර්ධන මහතා ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය ආශ්‍රිත මෙන්ම ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකර ගත්තේ, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙනි.

1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සමත්විය.

එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර රැසක් දරා තිබේ.

එසේම ඒ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සහ පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද දරා ඇත.

මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තුනක සභාපති ධුරය ද දරා තිබේ.

Aruna