Wednesday, November 20, 2024
Follow Us
සිපෙට්කෝ පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම අද සිට - ඇමති කංචන කියයි

මෙරටට ලගා වූ නෞකාවේ පෙට්‍රල් තොගය අද දින ගොඩබාන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් එම නෞකාවේ සාම්පල පරීක්ෂාව ඊයේ සිදු කෙරුණා.

ගොඩබානු ලබන ඉන්ධන සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කිරිමද අද දිනයේ ආරම්භ වනවා. දුම්රිය සහ ට්‍රක් රථ මගින් ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඊයේ සදහන් කළේ සදහන් කළේ මේ වනවිට ඩීසල් රැගත් නෞකා දෙකක් සිය ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කරමින් පවතින බවයි. ඩීසල් රැගත් තවත් එක් නෞකාවක් ඉන්ධන ගොඩබෑම සඳහා වරායේ දැනට නැංගුරම්ලා පවතින බවද කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අද සිට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් සිය සංගමය මෙතෙක් දැනුවත්ව නොමැති බවයි ශ්‍රී ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත ද සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

ඉන්ධන ලබා ගැනීමට හදුන්වා දී ඇති නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බව ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එස් ෂෙල්ටන් ප්‍රනාන්දු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ පිරවුම්හල් තුළ ඉන්ධන නිකුත් කරන පොම්පය අසල ජංගම දුරකතනයක් භාවිත කිරීමේදී අවධානමක් පවතින බවයි. එලෙස එම ස්ථානවලදී ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් කර ඇති බවද ඔහු සදහන් කළා.

මේ අතර පානදුර අලුබෝමුල්ල ෂධක්‍ පිරවුම්හලේ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව එම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් පාරිභෝගිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියා.

Neth