Wednesday, November 20, 2024
Follow Us
යූරියා පොහොර තොගය කඩිනමින් බෙදන්න කෘෂිකර්ම අමාත්‍යාංශය අතිරේඛ ඉන්ධන තොග ඉල්ලයි

ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර දිවයින පුරා බෙදා හැරීම සඳහා අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 1500ක් පමණ දැනට බෙදාහැර ඇති බවයි. තවත් මෙට්ට්‍රික් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට ඇති බවද කෘෂිකර්ම ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

පොහොර බෙදා හැරීම කඩිනමින් සිදු කිරීම සදහා පොහොර සංස්ථාව සතු පිරවුම්හල් දෙකට ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ.

කොතරම් සැලසුම් සකස් කළද ඉන්ධන ගැටලුවක් මතු වුවහොත් ආහාර අර්බුදයක් මතුවීම වැලැක්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙල අසාර්ථක විය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Neth