අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
එමෙන්ම ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
මේ අතර පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන් හිදී පැමිණීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියා.
මෙම ඉන්ධන නෞකා 03 සඳහා මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
Neth