Sunday, November 17, 2024
Follow Us
ජනපති, අගමැති මැදුරු වටලන්න TRC එක සහය දීලා

TRC සභාපති අරගලකරුවන්ට එක්වේ


අරගලකරුවන්ට ජනපති මැදුර හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පහසුවී ඇත්තේ කෙටි කාලසීමාවකට සමාජ ජාල අවහිර කරන ලෙස ජනපති හා වැඩබලන ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දුන් නියෝගය පැහැර හැරීම නිසා බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දී ඇත.

අරගලකරුවන් ෆේස්බුක් ලයිව් ඇතුළු සමාජජලා මගින් අරගලයට පිරිස් කැදවීඹ නවත්වා දෙන ලෙස ආරක්ෂක ප්‍රධානීන් කළ ඉල්ලීම අනුව මෙම නියෝග ලබාදී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසම එම උපදෙස් නොතකා හැර ඇතැයි අනාවරණය වී තිබේ.

අගමැතිවරයා වැඩබලන ජනපති ලෙසින් හමුදා මූලස්ථානය තුළට ජුලි 13දා විදුලි සංදේශ කොමිසමේ සභාපතිවරයාව වාහනයක් යවා කැදවා තිබිණි. වහාම අදාළ දුරකථන සමාගම් සමග සාකච්ඡා කර සමාජජාලා අවහිර කරන්නැයි නියෝග කර තිබුනේ ආරක්ෂක අංශ කළ ඉල්ලීමටය. වාහනයක් යවා මෙම නිලධාරීන් ගෙන්වාගෙන උපදෙස් දුන්න ද ඒ්වා නොතකා හැරීම නිසා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට පැය පහක කාලයක් තුළ විශාල අරගලකරුවන් පිරිසක් සමාජ ජාලා ඔස්සේ එහි ගෙන්වාගෙන ඇතැයි ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී ඇත.

“ඉන්දියාවේ දුම්රිය ගිනි තබමින් මෑත කාලයේ ඇරඹි අගලයකදිත් එරට බලධාරීන් එය පාලනය කළේ ෆෝජී (4G), ත්‍රීජී (3G) කරලයි. අපිත් කෙටි කාලයකට අදාළ ප්‍රදේශවල එවැනි සීඹාවන් කරන්න කිසිවක් එය නොතකා හැරියා” යැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් කිහිපදෙනෙකුට අරුණට පැවසූහ.

Aruna