විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට අසුබ ආරංචියක්
මේ වන විට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මස 15, 17 සහ 19 යන දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක් අවලංගු කර තිබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය විසින් ඒ බව දැන්වූ බවයි.
මෙලෙස අවලංගු කරන ලද විභාගයන් මෙසේයි.
ජපන් භාෂාව පිළිබඳ මූලික විභාගය (JFT Basic)
සාත්තු සේවා නිපුණතා විභාගය
ආහාර සැකසුම් නිපුණතා විභාගය
එමෙන්ම රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඉහත විභාග (Specified Skilled Worker Program – SSWP) දිනයන් ද සංශෝධනය හෝ අවලංගු කිරීමට සිදුවිය හැකි බවද ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දැනුම්දී ඇතැයි කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Aruna