Saturday, May 09, 2026
Follow Us
ජනාධිපතිවරණය නොවැම්බර් 16

ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

(Neth)