Wednesday, December 25, 2024
Follow Us
තොරතුරු කොමිසමේ නියෝග පිළිනොපදින නිලධාරීන්ට නඩු

තොරතුරු කොමිසම ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකරන තොරතුරු නිලධාරීන්හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ හත්වන කොටසේ 39 වන වගන්තිය යටතේ කොමිසමේ නියෝග පිළිනොපදින නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ආදාළ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පෙන්වාදී තිබේ.

ඒ අනුව ඉදිරි මාසයක පමණ කාලය තුළ එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද ගම්මන්පිල මහතා කියාසිටියි.

තොරතරු පනත මෙතෙක් ක්‍රියාත්මක වුවත් තොරතුරු නොදෙන පොදු අධිකාරීන් සම්බන්ධයෙන් තොරතරු දැනගැනීමේ කොමිසම නිකුත් කරනු ලබන නියෝගයන් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

කෙසේවෙතත් පනත ප්‍රකාරව ඉදිරියේදී එම අවශ්‍ය කටයුතු සිදුකෙරෙන හෙයින් ලොව හතරවන හොදම තොරතුරු පනත ලෙස ලංකාවේ තොරතරු පනත සම්බන්ධයෙන් ඇති පිළිගැනීම වැඩි වන බව තොරතුරු පනත සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නීතිඥයින් සහ ක්‍රියාදරයින් සඳහන් කරයි.

(LNW)