අවම ගාස්තුව 20ක් වෙයි
දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළාය.
ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එමඟින් යෝජනා කර ඇති අතර, දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් දහය, විස්ස දක්වාද ඉහළ දැමීමට නියමිත බවට වාර්තා වී ඇත.
Aruna