දිනෙන් දින කොළඹට එන පාපැදි වැඩි වෙයි
රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදයත් සමග ජනතාව ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් භාවිත කරමින් සිටින අතර, පාපැදි භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව, කොළඹ මහනගර සභා සීමාවට පාපැදියෙන් පිවිසෙන්නන් සඳහා වෙනම මංතීරු වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එහි නියමු ව්‍යපෘතිය ලෙස වෙන් කර ඇති ආමර් වීදිය, හෙට්ටියාවත්ත හරහා කොළඹ වරාය පිවිසුම දක්වා දිවෙන මංතීරුව ලබන සතියේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
පාපැදි ධාවනය සඳහා වෙන් කර ඇති මෙම මංතීරුව අඩි 5 ත් 6 ත් අතර පළලින් යුක්තයි.
Aruna