Wednesday, November 20, 2024
Follow Us
හෙට සහ අනිද්දා කොළඹට විශේෂ ආරක්ෂාවක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන හෙට


හෙට (08) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් විරෝධතා පා ගමනක් පැවැත්වීමට නියමිතය.

එසේම (09) වැනි දා ද විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවට මේ වන විට වාර්තා වෙයි.

මෙම විරෝධතාකරුවන් විහාරමහා දේවි උද්‍යානය අසලින් පා ගමන ආරම්භ කර, කොටුව ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමෙන් පසු උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වී ඇත.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය, අරලියගහ මන්දිරය, අගමැති නිවස හා පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් මහජන සාමය කළමනාකරණය කිරීම සඳහාත් විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතු බවට අණ දෙන නිලධාරියා විසින් විශේෂ කාර්‍ය බලකායට නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම රාජකාරි යෙදවීම සඳහා විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව සදහන් කර ඇත.

එබැවින් කොළඹ ප්‍රදේශයේ කඳවුරු, ස්ථානයන්ට අනුයුක්ත ව රාජකාරි කරන සියලු ම නිලධාරින් හා නිවසේ සිට සේවයට වාර්තා කරන නිලධාරින් ද හදිසි අවස්ථාවක දී ඉහත රාජකාරි සඳහා කැඳවීමට තීරණය කර තිබේ.

Aruna