Wednesday, November 20, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මට පුලුවන්

රටේ ආර්ථිකය ගැන අගමැති ලෝකෙට කිව්ව කතාව


ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට තමාට හැකි යැයි තමන් විශ්වාස කරන බව අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

තමාගේ වැඩපිළිවෙල අනුව ආර්ථිකය ස්ථාවරත්වයට පැමිණීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බව අග්‍රාමාත්‍යයවරයා සඳහන් කරයි.

2023 වසර අසීරු වනු ඇති බවත් 2024 වසර වන විට එම තත්ත්වය සුබවාදී වනු ඇති බවත් ඔහු පවසයි.

“ආර්ථිකය වෙනස් කිරීමට මට හැකි බව මට විශ්වාසයි.අපි ඉන්ධන මිල දී ගන්නේ එක්කෝ ඉන්දියානු ණය මාර්ග භාවිතා කර හෝ ප්‍රේෂණ වලින් ලැබෙන විදේශ විනිමය භාවිතා කරමිනි. එය කුඩා මුදලක්. සමහර විට අපට ඩොලර් බිලියනයක් හෝ බිලියන එකහමාරක් ලැබෙනවා. අපි ණය හිමියන්ගෙන් ලබාගත් දේවලින් ඉතිරි සංචිත දැනටමත් අවසන් වෙලා.පවතින තත්ත්වය ආර්ථිකයට විශාල පසුබෑමක් සහ ජනතාවට බොහෝ දුෂ්කරතා නිර්මාණය කර තිබෙනවා.අපි ඉදිරි දින කිහිපය තුළ ගෑස් ලබා ගැනීමට මෙන් ම අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.ප්‍රශ්නේ තියෙන්නේ පෙට්‍රල්… ඒකට ටිකක් කල් යයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවකට පැමිණ තිබෙනවා එය ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍යයි.බොහෝ විට අගෝස්තු මාසයේදී අතුරු අයවැයක් ගෙන ඒමට තම රජය සැලසුම් කරමින් සිටිනවා.”

අග්‍රාමාත්‍යවරයා වත්මන් පාලනයට එරෙහිව ගොඩ නැගී ඇති ජනතා අරගලය සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

Aruna