ඉන්ධන නෞකාවක් මුලින්ම එන දිනය ඇමති කියයි
කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉන්ධන නෞකා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
IOC සමාගමෙන් ලබා දී තිබෙන පළමු පෙට්‍රල් නෞකාව මේ මස 23,23 යන දවස් වල පැමිණෙනන් බව ඔහු පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද නිලධාරීන්ගේ කමිටුවෙන් ඊයේ රාත්‍රියේ අපිට අනුමැතියක් දුන්නා එක්තරා සමාගමකට මේ මාසේ 13 වනදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න.”
“නමුත් ගැටලුව තිබෙන්නේ වෙනදා අපි ගත්ත මිලට වඩා වැඩි මිලකට තමයි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ.”
“අපි අද දවසේ ඒ සමාගමට අවශ්‍ය පෙර ගෙවීම කරනවා. 15 වනදාට ඒ නෞකාව අපේ රටට ගන්න බලාපොරොත්තුවෙනවා.”
Aruna