වයඹ පළාතේ ආදායම් බලපත්ර නිකුත් කිරීම නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්රහස්පතින්දා යන දිනවල පමණක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගෙනයි.
ඒ අනුව ජූලි මස 01 වනදා සිට 31 වනදා දක්වා කල්ඉකුත් වන වයඹ පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්ර සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව නව ආදායම් බලපත්ර ලබාගැනීම සඳහා අගෝස්තු 31 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි වයඹ පළාත් ප්රධාන ලේකම් පී එම් බී සිරිසේන සඳහන් කළේ.
Neth