ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්
භූමිතෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ප්‍රකාශ කළේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී ය.
භූමිතෙල් දැන් අලෙවි කරන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් හාරසිය විස්සක් වියදම් වෙන බවත් ඉන්ධන නිසියාකාරව බෙදීමට නම් ඉන් පාඩුවක් අත් නොවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර ,
“සංස්ථාව මේ දක්වා තියෙන දුන්නේ අඩු මිලට. දැන් ඒක කරන්න බැහැ.භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි. අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා කෑගහනවා.ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්. ඛනිජ තෙල් සංස්ථාවේ ණය සීමාව වැඩි කළ යුතුයි කියලා යෝජනා කරන්නේ ඒ නිසයි. අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරනවා.”
Aruna