Wednesday, February 18, 2026
Follow Us
හෙක්ටයාර 02ට අඩු ගොවි ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

අක්කර 05 ක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කළ ගොවීන්ගේ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියා.

යූරියා රැගත් පොහොර නැවක් එළඹෙන 09 වනදා මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ප්‍රතිස්ථාපනය කිරීමටද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

Neth