Wednesday, February 18, 2026
Follow Us
දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කෙරේ

සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අද දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා කාර්්‍යය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අවලංගුවූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බවයි. ඊයේ මෙන්ම පෙරේදා දිනයේද මෙලෙස දුම්රිය වාර රැසක් අවලංගු වුණා.

Neth