Tuesday, December 24, 2024
Follow Us
ඉදිරි සති 2 ඇතුළත ජනපතිවරණ දින ප්‍රකාශයට

ඉදිරි දින 14 ඇතුළත ජනාධිපතිවරණයට දින ප්‍රකාශ පත්කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

රත්නපුරයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති ඒ බව සඳහන් කළේය.

මැතිවරණ සමයේදී මාධ්‍යයද හැසිරිය යුත්තේ මාධ්‍ය උපමානවලට අනුව බවද එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

අගතියට පත්කිරීමේ සහ වෛරී සහ අසත්‍ය ප්‍රකාශවලට ප්‍රචාරය මාධ්‍යයෙන් ලබා නොදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

(Dinamina)