ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම ලබන සඳුදා, එනම් සැප්තැම්බර් 23 වනදා සිදුකිරීමට වැඩි අවකාශයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා බලතල ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිෂන් සභාව වෙත හිමිව තිබේ.
2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඊට අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව දැනුම් දී සියලු දේශපාලන පක්ෂ සමඟ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාවේ ප්‍රතිඵල ද අනුව බොහෝ දුරට 23 වනදා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.
කෙසේවෙතත් දැනට පවතින තත්වය මත ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ නොවැම්බර් 08 වනදාත් දෙසැම්බර් 08 වනදාත් අතර දිනයකය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය 2020 මැයි දක්වා පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් මෙම තත්වය වෙනස් වීමට ද ඉඩ තිබේ.
(LNW)