Tuesday, December 24, 2024
Follow Us
මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර 20 වැනිදා විශේෂ සාකච්ඡාවක්

දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 20 වැනිදා පැවැත්වෙන බව වාර්තා වේ. මේ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ. මැතිවරණයකදී ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ කටයුතුවල ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ය.

වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාල කරුණු මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලබන සඳුදා (16) සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිසමට බලය ලැබෙන අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල කටයුතු ද නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ මැතිවරණ නීතියට පටහැනිව එම ආයතනවල යම් යම් කටයුතු සිදුවන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවද මැතිවරණ කොමිසමට හිමි වේ.

එසේම ලබන සඳුදා සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන අතර කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ලබන 20 වැනිදායින් පසුව සිදුවන බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ පිළිබඳව 20 වැනිදා හමු වී සාකච්ඡා සිදු කිරීමට නියමිත වේ.

(LNW)