අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට එරෙහිව කරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා වන අතර අමාත්‍යවරයා විසින් ද්වේශ සහගත ලෙස තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා ජනාධිපති කොමිසමට කළ අතිරේක පැමිණිල්ලක් අනුව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද දෙවැනි වරටත් එම කොමිසම හමුවට කැඳවා ඇත.
(Aruna)