කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොළොන්නරුව දක්වා අද (11) සිට නව දුම්රිය සේවාවක් ක්රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය පුලතිසි නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය ලෙස නම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරන සහ හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේය.
අද සිට දිනපතා පස්වරු 3.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානයට රාත්රී 7.47ට ළගාවනු ඇති.
යළි එම දුම්රිය අළුයම 3.45ට පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන අතර, උදෑසන 9.08ට කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතයි.
(Aruna)