Friday, May 09, 2025
Follow Us
තිරිඟු පිටි පෙර මිලටම

තිරිඟු පිටි මිල පෙර පැවති මිල ගණන් යටතේ ලබා දීමට පිටි සංගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

අද (10) පැවති ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පසුගිය සැප්තැම්බර් මස 6 වන දින තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 5.50 කින් ඉහළ දමන බව ප්‍රීමා සමාගමේ පාලනාධිකාරිය විසින් සිය අලෙවි නියෝජිතයින්ව දැනුවත් කර සිටියා.

කෙසේ වෙතත් අද දිනයේ දී ජීවන වියදම් කමිටුව හමුවේ සියලුම පිටි සමාගම් සාමාජිකයින් සහභාගී වු බවත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම් සඳහා සති 3 ක කාලයක් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන්වලට තිරිඟු පිටි අලෙවි කිරීමට අදාළ සමාගම් එකඟතාවය පළකර ඇත.

(Neth)