Friday, May 09, 2025
Follow Us
ජනාධිපතිතුමා කෑගැහුවට ළඟම ඉන්න හොරුවත් අල්ලන්නෙ නෑ - අර්ජුණ

අන්තර්ජාතික ක්‍රික‍ට් කවුන්සිලය මගින් මෙරට ක්‍රිකට් ආයතනය වෙත දූෂිත හා අපරාධ චෝදනා එල්ල කිරීම බරපතල තත්වයක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. එම චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළයුතු බවත් එ‍සේ නොමැති වුවහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන කලු පැල්ලම ලෙහෙසියෙන් මකා දැමීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා පවසන්නේ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට ‍එරෙහිව පියවර නොගන්නේ නම් ක්‍රික‍ට් ක්‍රීඩාව ජාත්‍යන්තර තහනමකට පවා ලක්විය හැකි බවයි.

ජනාධිපතිවරයා, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාද වේදිකාවේ තබා ගනිමින් ක්‍රිකට් ආයතනය දූෂිත බව ප්‍රකාශ කළ බවත් එහෙත් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු පියවර‍ක් ගෙන නොමැති බවත් පවසන අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා‍ හොරු තමන්ගේ වේදිකාවේ තබාගෙන ඔවුන් ආරක්ෂා කරන ගමන් දූෂණයට හොරකමට එරෙහිව කතා පවත්වන බවයි.

(LNW)