මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (06)අත්සන් තබා ඇත.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව ඇති අතර හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යයැයි දන්වා ඇති එම සියලූ ලිපි ලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම ලිපි ලේඛන සහතික කර ඇත.
(Aruna)