Friday, May 09, 2025
Follow Us
ගුවන් තොටුපළවල් 4ක් එකිනෙකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක්

කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පැවසීය.

ඒ අනුව මෙම ගුවන් තොටුපළ හතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවත් පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

පලාලි ගුවන්තොටුපොළහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද  අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන් තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16 වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

ඒ වගේ ම ගුවන්තොටුපොළ ආශ්‍රිත රැකියා ලබා දීමේදී උතුරු පළාත් ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනවා‘‘ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

(Lanka Leads)