Friday, October 18, 2024
Follow Us
ජනාධිපතිවරණය 2020 අප්‍රේල්ද ? ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ සූදානමින්

තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය කවදාද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සූදානම් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා අවශ්‍ය සියලු ලේඛන මේ වනවිටත් සකස් කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන ධුර කාලය වසර 5ක් බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන තර්කය වන්නේ එම වසර පහ ආරම්භ වන්නේ 19 වන සංශෝධනය බලාත්මක වූ දිනයේ සිට බවයි. එනම්, 19 වන සංශෝධනය සඳහා කථානායකවරයා අත්සන් තැබූ 2015 මැයි 15 වනදා සිට බවයි.

එසේ වුවහොත් 2020 මැයි 15 වනදා දක්වා සිය ධුරය දැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අවසරය ලැබෙන අතර ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2020 අප්‍රේල් 15 වනදාට පෙරය.

(LNW)