Wednesday, August 26, 2026
Follow Us
ජනපති බෝරා සමුළුවට එක්වෙයි

ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද එක්වුණා.

සමුළුව පැවැත්වෙන බම්බලපිටිය වෙරළ මාවතේ, බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලියේ සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමුවා.

සාමයට කැපවූ ප‍්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

‘‘අපට ශී‍්‍ර ලංකාව විශ්වාසයි’’ යන තේමාව යටතේ, රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21 000 සහභාඟීත්වයෙන් මෙම සමුඵව පැවැත්වෙනවා. දින 10ක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ අද සිව්වන දිනයයි.

(Neth)