Sunday, September 08, 2024
Follow Us
ජනපතිවරණයට නාමයෝජනා කැඳවීම 15 වැනිදායින් පසු

ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවීමේ දිනය සැප්තැම්බර් පහළොස් වැනිදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා කොමිසමේ සභාපතිවරයාට බලය ලැබෙන්නේ සැප්තැම්බර් පහළොස්වනදායින් පසුවය. ඉන් පසු දින හතළිස් හතරක් දින හැටපහක් අතර, කාලය තුළ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔක්තෝම්බර් මස පහළොස් වැනිදාට පෙර නාම යෝජනා භාර ගැනීමට නියමිත බවයි. ජනාධිපතිවරණය නොවැම්බර් මස මුල් සතියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කළේය.

(Aruna)