ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට මෙම 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.
ඒ අනුව ලබන 10 වැනිදායින් පසුව ඕනෑම වේලාවක ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති දෙකක් ඇතුළත නාමයෝජනා පත‍්‍ර භාර ගැනීම සිදුකළ යුතු අතර එදින සිට සති පහත් හතත් අතර දිනකදී ඡුන්ද විමසීම සිදුකළ යුතුවෙයි.
ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස අවසන් සති දෙක තුළ එළැඹෙන සෙනසුරාදා දිනයක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ද මේ මස අවසන් සතියේදී සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කාලය ප‍්‍රමාණවත් නොවන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කළහොත් එය ඉටු කිරීමට කොමිසමට සිදුවන බව කී සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තවම කොමිසම වෙත ලැබී නොමැති නිසා එය ලැබීමෙන් පසුව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත හැකි බවද කියා සිටියේය.
(Lanka Leads)