තමා සටන් කළේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට එරෙහිව මිස සාමාන්‍ය දෙමළ ජනතාවට එරෙහිව නොවන බවත්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන 'කොළඹ ආරක්ෂක සමුළුව' අමතමිනි.
රටේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් පිළිබඳව විශ්වාසය තබා ඇති බවත් එම විශ්වාසය තහවුරු කරමින් රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය ලබාදෙන බවත් යුද හමුදාපතිවරයා පවසයි.
විවිධ පුද්ගලයන්, විවිධ රටවල්, ජාත්‍යන්තර සංවිධාන තමාට එරෙහිව අභූත චෝදනා නගමින් සිටින බව පෙන්වා දෙන ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, තමා සටන් කළේ සාමාන්‍ය දෙමළ ජනතාව සමග නොව ත්රස්තවාදීන් සමග බැවින් එම චෝදනා හමුවේ නොසැළී කටයුතු කරන බවයි.
මෙම ආරක්ෂක සමුළුවට සහභාගි වන ලොව බොහෝ රටවල හමුදා ප්‍රධානීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් සමුළුව අතරතුර නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ශවේන්ද්‍ර සිල්වා මහතාට සුබ පැතුම් පිරිනැමූ අතර ත්රස්තවාදයට එරෙහිව ගෙනගිය සටනේදී ඔහු දැක්වූ කැපවීම විශේෂ ඇගයීමට ලක්කර තිබේ.
(LNW)